Sunday, June 9, 2013

පැය 4

හ්ම්ම්ම් ......දැන් මමත් රස්සාවක් කරන පොරක් ය.ඔච්චර කාලයක් ගෙදරින් කා බී සැපට සිටි කාලය ඉවර වෙලාය.අද ඉරිදා ය අනිත් උන් කැමැති උවත් මම ඉරිදා ට කැමැති නැත මගේ ආසම දවස සෙනසුරාදාය.....සෙනසුරාදට කන පැලෙන්න නිදාගන්නවා මිසක් වෙන කරන කෙහෙල් මලක් ද නැත....


  ඉරිදා උදේ නැගිටින විටම සිතෙන්නේ හවස වැඩට යන්න තියනවා කියාය.බිය නොවන්න හවස වැඩට යනවා කීවට හවස යන්නේ බෝඩ්මටය....(නැත්තන් කට්ටිය මම සිකුරිටි කෙනෙක් කියා සිටනවා ඇත.)..දැන් මමද බැංකුවක රස්සාවක් කරන බැංකු මහත්තයෙකි...ඔක්කොම හොදය  එකම අව්ලනම් සතියට දවස් පහක්  වැඩ කරන්නට වීමය...සදුදා උදේට මතක් වෙන්නෙම සතියට දවස් 5ක් වැඩ කල යුතුය කියන නීතිය දැමු ඒකාය....මම ඌව දන්නේ නැති නිසා අව්ලක් නැත,

මමදකිනා ආකාරයට මිනිසකුට බසයකට නැගිමටද හේතුවක් තිබිය යුතුය,එහෙත් මම යන බස් එකට නැගීමට කිසිම හේතුවක් නැත.එනම් ඇහැට කනට පේන කෙල්ලෙක් එහි නැත ...නමුත් යන්නට වෙන බස් නැති නිසා කරන්නට දෙයක් නැත.බස් එකේ හැමදාම යන චුටි නංගියෙක් සිටි අද සිට ඇයවවත් ටෝක් කල යුතුය..පැය 4ක් කරන්න වෙන දෙයක් නැති නිසා බව කරුණාවෙන් සලකන්න.

ඔක්කොම හොදය...බස් එක එන්නේ 6ටය....දැන් වෙලාව 4 ය....යන්නට සුදානම් විය යුතුය....වෙනදනම් යන්නේ ඩෙනිම ගසා සපත්තු දමා ය.නමුත් ඒවා බෝඩිමේ දාලා ආ නිසා අද යන්නේ ශෝටක් ගසා බාටා දමා ය.....(ඔය කැලේට මොන ෆැෂන් ද ) රැකියාවේ රස කතා පසුවට කොටමි...දැන් මම යා යුතුය,,,නැතිනම් බසය මිස් වෙනු ඇත..එහෙම උනොත් විනාසය......මම රැකියාව කරන්නේ කොහේදැයි ඔබ සිතනවා ඇත...මම එය නොකියමි....කොළඹින් 3.45 පිටත්ව 6 වෙන විට කුරුණෑගලට පැමිණ යන බසය ගැන සොයා බලුවහොත් මම රැකියාව කරන්නේ කොහේදැයි දැනගත හැක...


එසේනම් මට ලැප බෑගයට ද ගත යුතුව තිබේ......වැඩි විස්තර පසුවට බලාපොරොත්තු වන්න.....(හෙට සදුදා යකෝ.............................)

No comments:

Post a Comment