Saturday, June 8, 2013

සොදුරු අතීතය(part 1)

මෙය එක්තරා කාලයකදී සිදුවූ සත්‍ය කතාවක් වන අතර සියලුම නම් ගම් මනක්කලපිතය....(මෙසේ ලිවේ හැමෝම එසේ කියන නිසා බව කරුණාවෙන් සලකන්න,)


ඉහත එක්තරා කාලය මීට වසර 5 /6 කට පමණ පෙරය.මෙයද අනිත් කතා මෙන් ආදර කතාවක් විය හැක.නමුත් තීරණය ඔබට බාරය.

වර්ණා කරා ඇත,,,කතාව මෙසේය...ඔහු නමින් ලකිත් ලෙස ද ඇය තිලිනි ලෙස ද සලකමු.කතාව සිදුවන විට ලකිත් 10 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි...ඔහුගේ එකම අරමුණ වුයේ o/l ගොඩ දා ගැනීමය.හැමෝම කරන ලෙස ඔහුද english එනම් කඩුව පොලිෂ් කරගැනීමට ඉංග්‍රීසි පන්තියකට ගියේය.එය පළමු දිනයි ගෘප් ක්ලාස් එකක් නිසා විවිද වයස් වල ළමුන් එහි විය.ඒ අතර තිලිනි නම් ගැහැණු ළමයෙකු ඔහුගේ සිතේ අමුතු අදහස් ඇති කිරීමට සමත් විය.ඇහේ සියුමැලි සිනහව ලස්සන තොල්........

          පන්තිය ආරම්භ වුයේ මිස්විසින්ම නවක සිසුවා පොඩ්ඩක් බයිට් කිරීමෙන් පසුවය.තිලිනි ඔහුට වම් පසින් අසුනේ ඉන්දගෙනය ...ඔහුට අවශ්‍ය වුයේ ඇය කුමන වසරේද බලාගැනීම පමණි.grade 9 පොතේ පැත්තක ලස්සන අකුරින් ලිය තිබෙනු දැකීම ඔහුට මහත් අස්වැසිල්ලක් විය.ඇති යන්තම් 9 වසරේ ඔහු ඔහුටම කියගත්තේය.....


       ඔහුගේ ආදර කතාව ඇරබුනේ එලෙසය.නමුත් එය සිතින් විතරක් කල ප්‍රේමයක් විය.එයට හේතුව වුයේ ඔහුගේ ලජ්ජා ශීලි බවද වෙනත් කරුණක් ද යන්න නොදනිමි. සති මාස ගෙවී යත්ම ඔහු දැන් 11 වසරේ ය..ඇය 10 වසරේ ඉගනුම ලබයි......ඔහුගේ හදවත තවම ගොළුය....(රැ සිහිනෙන් ඔබ ලග මා සැතපෙනවා.......මා සැබෑවෙන් ඔබ ලග සිත ලත වෙනවා කියන්නේ මේකටය )...ලකිත් පන්ති යන්නේ ඇය දැකීමට මහත් උවමනාවකින් වුවත් තිලිනිටනම් තවමත් ඔහු පන්තියේ යාලුවෙක් පමණි....දවසකට ඔව්න් දෙන්නා කතා කරන්නේ ගිහින් එන්නම් නංගි....නැත්නම් ගිහින් එන්නනම් අය්යේ කියන වචන පමණකි...........


     සාමාන්‍ය පෙළ විබහගය ඇරබීම නිසා ලකිත් පට්ට බිසී ය....තිලිනිව දැකීමට අවශ්‍ය වුවත් ඇය ඉන්නේ කොහෙද ඔහු තවම නොදනී....ඔහු ඇය හමුවන්නේ රැ සිනිනෙන් පමණි.....දින සති මාස ගෙවී ගියද ලකිත් ට තිලිනිව නම් අමතක නැත....ඔහු දැන් උසස් පෙළ සිසුවෙකි....කරන්නේ bio ය.....සාමාන්‍ය පෙළ හොදින් සමත් ය....දිනක් ඔහු පාසල් යාමට උදැසනම බසයට ගොඩවිය,...ඔහු දුටු දර්ශනය ඔහු මාස ගණනක් දැකීමට සිටි දර්ශනයක් නොවේද......ඔහු ඉක්මනින් ඇය ගාවට ලග වී ආ නංගි කොහොමද ඉතින් දැන් ......... එකටද යන්නේ...(පාසලේ නම සදහන් කිරීමට නොහැක....එය කුරුණෑගල ප්‍රසිද්ද බාලිකා පාසලක් බව සලකන්න).
ඔව් අය්යේ කොහොමද ඉතින් .ඇගේ වදන් කනට මීපැණි වැනිය.....මෙසේ විනාඩි 10ක් පමණ කතා කර කර යන්නට ඔව්නට හැකි විය,,,,,,ඔහු ඉගනුම ලබන පාසල අසල බසය නැවතුණි.....ගිහින් එන්නම් නංගි....එසේ කිවේ සිතකින් නොවූ නද වෙන කල නොහැක්කක් නොමැති නිසාවෙනි....

ලකිත් එදා පාසල් ගියේ කියාගත නොහැකිතරම් සතුටකිනි .ඔහුගේ  ප්‍රථම කටයුත්ත වුයේ ඔහුගේ මිතුරාට මෙය පැවසිමය.....ඔහු නමින් ගයාන්ය ,,,,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු හොද මිතුරෙකි..බොක්කකි......ඔහුද මේ පිලිබදව සතුටට පත් විය...බය වෙන්න එපා මචන් උබට හරියි..හබැයි ඉක්මනට කරන දෙයක් කරන්න වෙයි..ඒ ඔහුගේ උපදෙස් විය....ඔව් මචන් මට තිලිනිව කොහොම හරි ඕනේ ........

එතැන් පටන් උදේ හවස ඇය යන බසයට ගොඩ වීම ඔහුගේ එකම අරමුණය....වෙනත් පාසල් වල මිතුරන් මෙන් ම ගමේ සෙට් එකද ෆුල් සපෝර්ට් ය......මල්ලි අද මේකට නැග්ගේ නෑ ඉස්කෝලේ ගාව හිටියා අනිත් බස් එකට නැගපන් ...ඒ ගමේ අය්යා කෙනෙක් ගෙන් එන පණිවිඩයකි......මචන් ඉන්නවා ඉන්නවා නැගපන් ..ඒ වෙනත් පාසලක මිතුරෙකි.....කොහොම උවත් නිවැරදි බසය ඔහුට සෙට් කර දෙන්නට මිතුරෝ සමත් ය.......
 මෙසේ කාලය කෙමෙන් ගලාගෙන යයි.....ඔහු තවමත් ම්තුරෙක් පමණි.......මල්ලි අද තිළිණිගේ ගෙවල් පැත්තේ පන්සලට යමන් අද පෝය නිසා සුවර් එකට එකී එයි...ඒ චාමර අය්යාය...හා කාත් එක්ක ද යන්නේ බන්....ලකිත් අසයි,,,,කව්රුත් ඕනේ නෑ බන් අපි දෙන්නා යමු..ඔක්කොම ගියොත් චාටර්.........

දෙදෙනා දැන් පන්සලේය......කෝ බන්....නෑ නේ .....ටව ටිකක් බලමු......අර ඉන්නේ මචන් අර අතන බුදු ගේ ගාව...ගෙදර අයත් ඉන්නවා වගේ යමන් අතන මගේ පරණ සෙට් එකක් ඉන්නවා ...ඔව්න් ලකිත් ගේ පැරණි මිතුරන් සෙට් එකක් ලගට ගොස් කටබහ ඇරබුහ...නමුට් ලකිත් ගේ ඇස් නම් තිලිනිගෙන් වෙනතක යන්නේ නැත.....මචන්ලා අර ගලට නගිමු සෙට් එකටම කයියක් ගහගෙන හිටිය හැකි.....ඒ තව මිතුරෙකි......මේ අතර ලකිත් ගේ කුඩා කල මොන්ටිසෝරි සෙට් එකේ එකෙක් ද සිටියේය....ඔහු ලකිත් සමග කතාවට වැටිලා ය.....මචන් අතන ඉන්න කෑල්ල දැක්කද.....මම ඒකිව ටෝක් කරනවා හොදයි නේද බන් පුළුවන් උනොත් මම අද අහනවා ...ලකිත් කටහඩ අවදි කළේය.....අරකිද බන්...මිතුරා තිලිනි දෙසට අත දිගු කරයි ...ඔව් ඔව් බන් අත දික් කරන්න එපා දකි යකෝ....ලකිත් කලබල වෙලාය......මිතුරාගේ මුහුණේ ප්‍රශ්නාර්තයකි,,ඇයි බන් මොකෝ අවුල ...ලක්ත් ද දෙගිඩියාවෙනි....මචන් කීවට අප්සෙට් වෙන්න එපා එකී අපේ ඉස්කෝලේ එකෙක් දාගෙන ඉන්නේ මගේ යාලුවෙක් ඔය එහා පැත්තේ ඉන්නේ ඌ....ලකිත් ගේ මිතුරා ඔව්න් අසල සිටි තවත් එකකු පෙන්වා පැවසිය.......... 




No comments:

Post a Comment