මල්ලි යමු නේද රෑ උනා......ලකිත් සිහින ලෝකයෙන් මිදුනේ චාමර අයගේ කටහඩ ඇසීමෙනි .....හා ...හා යමන් ලකිත් පැවසුවේ වෙන කුමක් කියන්නදැයි සිත ගන්නට නොහැකි නිසා ය,ඔහු ආපසු පැමිණියේ බර කල්පනාවක ය...චාමර තවමත් මේ පිලිබදව දන්නේ නැත ...ලකිත් ට මෙය චාමරට කීමටද නොහැක....ඔහු දෙලොවක අතරමන් වෙලාය..... 10 වසරේ සිට ඇය ගැන මැවූ සිහින දැන් බොඳ වී යන බවක් ඔහුට හැගේ.....ඔහු ආදර ලොව සාදා ගැනීමට වසර කියක් නම් ගත උනාද....කොච්චරනම් හීන මැව්වද කොච්චර කපකිරීම් කරාද......දැන් ඒ සියල්ල ඔහු ඉදිරියේ බොඳ වී හමාරය.....ඔහු එදින පන්සලට පැමිණියේ තිලිනිට ඔහුගේ හදවත තුල සිරව තිබු අදහස් සියල්ලම පවසා සදහටම ඇයව ඔහුගේ කරගන්නා අරමුණද යටි හිතේ සගවාගෙන ය...... නමුත් දැන් ඔහු අසමත්ය................. මල්ලි මම මෙතනින් යනවා චාමර ඔහුගේ නිවසට යන පාරට හැරී ගමන් කරයි.....ලකිත් කුමක් කරන්නද නොදන්නා උන්මන්තකයෙකු සේ නිවස දෙසට පියමන් කරයි.....
දැන් ඉහත සිදුවීමට මාස 2 පමණ කල් ගතව ගොසින් ය....ලකිත් දැන් තිලිනිව දකින්නට යන්නේ නැත...ඒ ඔහුට එතරම් සිතේ සවියක් නොමැති නිසා විය හැක....එහෙත් තවමත් ඔහු තිලිනිට පෙර ලෙසටම ආදරය කරයි.මෙලෙසට කාලය ගතව යද්දී දිනක් තිළිණිගේ පෙම්වතා ලකිත් හමුවට පැමිණියේය....මචන් මව දන්නවද......ඔහු ලකිත් ගෙන් අසන විට ලකිට් ඔව් යි පැවසුවේ දැන් ඉතින් කෑමක් සුවර් යි සිතාගෙනය.... මචන් උබ තිලිනිව ටෝක් කරනවද.....ම්ම් නෑ මචන් දැන් එහෙම එකක් නෑ ලකිත් පැවසුවේ ඉක්මනින් එතනින් මාරු වීමටය.....එහෙත් සිදු වුයේ අනිකකි .....මචන් දැන් මගෙයි තිලිනි ගෙයි සම්බන්දයක් නෑ උබට ඕනෙනම් ටෝක් කරපන්.....උබ ටෝක් කරනවා කියල අමිල කියපු නිසා මම කිඋවේ ලෙසට පැවසු ඔහු යන්නට ගියේය.....ලකිත් ට සිදු වන්නේ කුමක් ද යන්න තේරුම් ගැට නොහැකි විය......ඔහු එසේ පැවසුවේ ඇයි ...එය ඔහුගේ සිතට වද දෙන්නට විය.....නමුත් යටි හිතින් සියුම් සතුටක් ඔහුට දැනෙන්නට විය......තිලිනි දැන් මගේ......වෙන කාටවත් දෙන්නේ නෑ ...ගන්න හැදුවොත් මරනවා .....ඒ ඔහුගේ යටි සිතයි.......
දැන් නැවතත් ලකිත් තිලිනි පස්සෙන්ය.....ඔහුගේ මිතුරා ගයාන් ද ෆුල් සුප් එක....තිලිනිගේ ක්ලාස් ඉවර වෙනකොට ඔහු එතනය.....දැන් දැන් නම් තිලිනිටද යමක් තේරෙනවා විය යුතුය,ඇය ඔහුව මගහැරීමට උත්සාහ කරයි ......නමුත් ලකිත් ගේ සන්නිවේදන ජාලය පුළුල් ය කොහේ හෝ සිට මිතුරෙකුගෙන් මෙන්න මෙහෙ උබේ කෑල්ල ඉන්නවා යි sms එකක් හෝ ලැබෙයි........
කෙසේ උවත් නැවතත් ඔව්න් මිතුරන් වෙලාය පරණ දේවල් අමටකව ගොසින් ය......බසයේ යන්නේ එකටය ඉදහිට call එකක් දිනකට sms 10 -15 සුවර් ය......ඔහු උදැසන ක්ලාස් යන්නේ ඇය දකින්නටද ඉගනගන්නටද යන්න මිතුරන්ටද පරශ්නයක් වන තරමටම ඔහු ඇය ට ආදරය කරයි.....නමුත් ඇය ඔහුට ආදරය කරනවද නැද්ද යන්න තවමත් .................
----------------------------------------------------------------------------------------------------------------
කතාව තවත් ඉදිරියට යනු ඇත....එහෙත් එය ඉදිරියට ගෙන යාමට නින්ද ඉඩ නොදෙන බැවින් ඉතිරිය පසුවට බලාපොරොත්තු වන්න......
No comments:
Post a Comment